Business

ගූගල් සමාගම ඔවුන්ගේ නව මූලස්තානය සොබා දහමත් සමග යා කරයි

ලොකයේ සුවිශාල සමාගම් තමුන්ගේ නිවහන කෙරෙහි විශේෂ අවධානයක් දීම අරුහයක් නොවන්නේ එයින් එම සමාගම පිළිබදව පාරිභෝගිකයන්ගේ මනසේ පැහැදිලි චිත්‍රයක් මවන බැවිනි.

ගිනුම් කරණයේදි සමගම ව්‍යාපාරය සලකන්නේ පුද්ගලයෙකු ලෙසයි. එලෙස සැලකීමේදී සමාගමේ නිවහන/නිවස වන්නේ එහි මූලස්තානයයි. ලෝකයේ සුවිශාල සමාගම් තමුන්ගේ නිවහන කෙරෙහි විශේෂ අවධානයක් දීම අරුමයක් නොවන්නේ එයින් එම සමාගම පළිබදව පාරිභෝගිකයන්ගේ මනසේ පැහැදිලි චිත්‍රයක් මවන බැවිනි. ලෝකයේ සුවිශාල සමාගමක් වන ගූගල් සමාගම කැලිෆෝනියාවේ මව්න්ටන් වීව් හි ඉදි කිරීමට සැලසුම් කර ඇති ඔවුන්ගේ මූලස්ථානය පිලිබද මූලික තොරතුරු කිහිපයක් අනා වරණය කර ඇත. ලෝකයේ ඉහල පෙලේ නිර්මාණ කරුවන් දෙපලක් වන බිජාක් ඉන්ගල්ස් හා තෝමස් හීතවික් විසින් මෙහි මූලිකත්වය ගනු ඇත. තම සමාගම සැමටම විවෘත සථානයක් බවට පත් කිරීම ඔවුන්ගේ කැමැත්ත බව එහි නියෝජ්‍ය සභාපති වරයෙක් වන ඩේවිඩ් රැද්ක්ලිෆ් මහතා පවසා ඇත.


EmoticonEmoticon