Business

Computers දෙකක් පහසුවෙන්ම Network කරන්න.......

Computers දෙකක් පහසුවෙන්ම Network කරන්න.......


සුබ දවසක් ඔයාල සියලු දෙනාට!
මම අද කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක්, නමුත් මේක නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනව. සමහර අය කල්පනා කරන්න ඇතිනෙ කොහොමද ගොඩක් ලොකු Capacity එකක් තියෙන file එකක් Lap එකට හෝ Computer එකට copy කර ගන්නෙ කියල. ඒකට නම් දැන් වෙනකොට ගොඩක් දේවල් තියෙනව. ලොකු Capacity pen drive,  External hard disk වගේ දේවල්. ඒක නිසා හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් තමයි මේක. අපිට පුලුවන් හරිම පහසුවෙන් computers දෙකක් Network කරන්න මේකට අවශ්‍ය වෙන්නෙ rj45 cable එකක් සහ  network card එක නියමාකාරව වැඩ කරන computers දෙකක් පමණයි. rj45 cable එක රුපියල් 100ක් වගේ ගානකට ගන්න පුලුවන්.මෙම ක්‍රමයට Routers භාවිතා කරන්න අවශ්‍ය වෙන්න නෑ. Computer දෙකේ Network Port දෙකට මෙම rj45 cable එක කෙලින්ම සම්බන්ධ කරන්න. 




මේ තියෙන්නෙ rj45 cable එක.
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මම පියවරෙන් පියවර කියල දෙන්නම්.
 windows 7 භාවිතාකරන අය සදහා. එක පරිඝනකයක් සඳහා.
1. Start >> Control Panel >> Network and Sharing Center. 
 2. Change Adapter Settings click කරන්න. 
3. Local Area Connection >> Right Click >> Propertise. 
4. Internet Protocol Version 4(TCP/IPv4). >> Select කරල >> Propertise.

5. select කරන්න Use the Following IP Address කියල තියෙන එක.
6. IP Address: කියල තියෙන තැනට 192.168.1.1 ලෙස Type කරන්න. 
7. Subnet  Mask: කියල තියෙන තැනට 255.255.255.0 ලෙස Type කරන්න. 
8. Default Gateway: කියල තියෙන තැනට 192.168.1.2 ලෙස Type කරන්න.

 පහලින් තිබෙන photo එක බලන්න. 






 අනෙක් පරිඝනකය සඳහා. 
 

1. Start >> Control Panel >> Network and Sharing Center. 
 2. Change Adapter Settings click කරන්න. 
3. Local Area Connection >> Right Click >> Propertise. 
4. Internet Protocol Version 4(TCP/IPv4). >> Select කරල >> Propertise.
5. select කරන්න Use the Following IP Address කියල තියෙන එක.
6. IP Address: කියල තියෙන තැනට 192.168.1.2 ලෙස Type කරන්න. 
7. Subnet  Mask: කියල තියෙන තැනට 255.255.255.0 ලෙස Type කරන්න. 
8. Default Gateway: කියල තියෙන තැනට 192.168.1.1 ලෙස Type කරන්න. 

පහලින් තිබෙන photo එක බලන්න.

දැන් සැකසුම් සියල්ල නිවරදිද කියා බලා ගැනීම සඳහා Start >> cmd ලෙස Type කර Enter ඔබන්න.
ඊලගට එන Command Prompt එකේ ping 192.168.1.1 යනුවෙන් Type කර Enter ඔබන්න. එවිට පහත ආකාරයට පිළිතුරු ලෙස ලැබේනම් ඔබගේ සැකසුම් සාර්ථකව සැකසී ඇත.


දැන් share කිරීමට අවශ්‍ය දේවල් පහල මම කරල තියෙන ආකාරයට share කරන්න.
අවශ්‍ය folder එක Right click කරන්න.
1.  





2.  Everyone select කර add කර Share Button එක Click කරන්න.  


My Computer open කරපසු network වල ඔයාලට දැක් ගන්න පුලුවන් වෙනව network වුන computers දෙක. එහිදී click කර පසු අනිත් computer එකේ නම click කර පසු   ප්‍රශ්නයක් නැතුව ඔපෙන් වෙනව නම් ඔබට ඕනෙම දෙයක් share කරන්න පුලුවන්.
නැත්නම් මේ ආකාරයට ආවොත් ඔයාලට පොඩි වැඩක් කරන්න තියෙනව.

දැන් HomeGroup එකක් සැකසීමට අවශ්‍ය වෙනව. එක computer එකක  Control Panel ගිහින් HomeGroup select කර පසු පහල ආකරයේ Window එකක් දැක ගන්න පුලුවන් එහි Create a Homegroup click කරන්න. 




ඉන්පසු එන window එකේ ඔබට share කිරීමට අවශ්‍ය ඒව select කරන්න. Next button එක click කරන්න. ඊට පසු එන window එකේ ඔබගේ password එක දිස්වේ. එය මතක තබා ගැනීමට අවශ්‍ය වන්නේම නැත. අවශ්‍ය නම් එය වෙනස් කර ගනීමට හැක.  එයට View Homegroup settings click කරන්න. එහිදී ඔබට password එක වෙනස් කර ගත හැකිය.

දැන් අනෙත් computer එකෙත් Control Panel ගිහින් Homegroup select කරන්න එතකොට join now යනුවෙන් දැක ගන්න පුලුවන්. කලින් හදපු ආකාරයටම මේකත් හදන්න.
 ඊට පස්සෙ Control Panel >>Network and Sharing Center>>Advanced sharing settings යන්න එහි සැකසුම් මේ ආකාරයට තිබේ නම් හරි.
1. 


 දැන් වැඩේ Finished.

කාලයක් යන විට Android දුරකථන Slow වෙන්නේ ඇයි ?

කාලයක් ගිය විට Android දුරකථන සහ Tablet මන්දගාමී වීමට බලපාන හේතුන් මොනවාද කියා සාකච්චා කිරීමට අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. එම හේතුන් පිලිබදව දැනගැනීමෙන් ඔබට හැකියාව තිබෙනවා නැවත ඔබේ දුරකථනය වේගවත් කරගැනීමට....



                Operating System Updates and Heavier  Apps

ඔබේ Android දුරකථනය සදහා අවුරුද්දකට කිහිප සැරයක්ම (android operating system Updates) ලැබෙනවා . මතක තබා ගන්න එලෙස ඔබේ දුරකතයට ලැබෙන Updates විශේෂයෙන්ම ඔබේ දුරකතනයට ගැලපෙන ලෙසම නිර්මාණය කර නොමැති බව. එම හේතුව නිසා ඔබේ දුරකථනය මන්දගාමී වෙන්න පුළුවන්. මොකද එම update වල තිබෙනවා (bloatware apps), ඒවා දුරකතනයේ background එකේ සැමවිටම ක්‍රියාත්මක වෙන නිසා දුරකථනය ස්වභාවයෙන්ම මන්දගාමී වෙනවා. 


ඒවගේම තමයි ඔබේ දුරකතනයේ තිබෙන Apps ඒවා සදහාද නිතරම වගේ අලුත් update ලැබෙනවා. එලෙස දීර්ඝ කාලයක් විටින් විට updates ලැබීම නිසා එම app එකේ බර ටිකෙන් ටික වැඩි වෙනවා. මොකද එම apps නිර්මාණය කරන අය අලුතෙන් updates ලබා දෙන්නේ අලුත් දුරකථන සදහා සාර්ථකව ක්‍රියා කරන ආකාරයටයි. ඉතාමත් වේගවත් අලුත් දුරකථන වල තිබෙන දෘඩාංග කොටස් සමග හොදින් ගනුදෙනු කිරීමට එම apps වලට හැකියා තිබුනත් අවසානාවකට පැරණි දුරකථන මන්දගාමී කිරීමට එය  සමත් වෙනවා. හොදම උදාහරණය තමයි විටින් විට වෙබ් අඩවි යාවත්කාලීන කිරීම මගින්ද එම වෙබ් අඩවියේ බර වැඩි වෙනව. මෙහිදී පරිගණක ක්‍ර්රීදාවන් ගැනද කතා කල යුතු වෙනවා. එකම පරිගණක ක්‍රීඩාවේ අලුත් සංස්කරණයන් පැරණි පරිගණක වල ක්‍රීඩා කිරීමේදී අධික ලෙස මන්දගාමී වෙන බව ඔබ දන්නවනේ. මෙම සිද්ධාන්තයම පරිගණක මෘදුකාංග සදහාද ඇතුලත් වෙනවා. 

මෙම ප්‍රශ්නය විසදා ගන්නේ කෙසේද?



මෙහිදී ඔබට ගොඩක් දේවල් කරන්න නැහැ. ඔබට දැනෙනවානම් android මෙහෙයුම් පද්දතිය වඩාත් මන්දගාමී බව ඔබට පුළුවන් (Cyanagenmode) වගේ කස්ටම් රොම් එකක් ස්ථාපිත කරගන්නට. මොකද එවැනි මෙහෙයුම් පද්දති වල දුරකථන නිෂ්පාදකයින් විසින් ඇතුලත් කරන ලද bloatware ඇතුලත් වෙන්නේ නැහැ. ඒවගේම apps මන්දගාමී වී තිබෙන බවක් ඔබට පෙනෙනවානම් ඔබේ දුරකතනයේ RAM මතකයට සරිලන සැහැල්ලු apps භාවිතා කරන්න. 


Background Process 

කාලයක් යන විට ඔබ apps ගණනාවක්ම දුරකතනයේ ස්ථාපිත කිරීමට පෙළඹෙනවා. ඒ අතරින් සමහරක්  apps දුරකථනය on වෙන විටම ක්‍රියාත්මක වෙමින් background එකේ run වෙමින් CPU එක සහ RAM මතකය වැඩි වශයෙන්  භාවිත කරනවා. එම නිසාම දුරකතනය මන්දගාමී වෙනවා. එවැනි apps රාශියක් ඔබ දුරකතනය සදහා ස්ථාපිත කර තිබෙනවානම් ඒවා run වෙන විට ඔබට වෙනත් වැඩක් සිදු කිරීමට හැකි වෙන්නේ නැහැ. 

ඒවගේම තමයි වැඩි දෙනෙක් දුරකථන තිරය සරසා  ගැනීම සදහා Animated live Wallpaper සහ widgets වැඩි වශයෙන් භාවිතා කරනවා. ඔබේ දුරකතනය මන්දගාමී වීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ එය බව මතක තබා ගන්න. 

දුරකතනයේ background එකේ run වෙන apps පිලිබදව සොයා බැලීමට settings  වලට ගොස් apps screen එක වෙතට පිවිසෙන්න. ඔබ භාවිතා නොකරන app එකෙක් background එකේ run වෙනවා කියා ඔබට පෙනෙනවානම් වහාම එය uninstall කරන්න. 

මෙම ප්‍රශ්නය විසදා ගන්නේ කෙසේද?


Live wallpapers අක්‍රීය කර දමන්න, අවශ්‍ය කරන widgets පමණකක් home screen එකහි තබා ගන්න අනෙකුත් ඒවා ඉවත් කරන්න. ඔබ භාවිත නොකරන බරින් වැඩි apps තිබෙනවානම් ඒවා අක්‍රීය කර හෝ uninstall කර දමන්න. 


Cache Files 

ඔබ දුරකථනය ස්ථාපිත කර තිබෙන apps මගින් cache file සාදනවා. ඒවා වලටද ඔබේ දුරකතනයෙන් යම් ඉඩක් වැය වෙනවා. එලෙස සියලුම apps වලින් සාදන cache file එකවර මකාදැමීම සදහා (Clean Master) වගේ app එකක් භාවිතා කරන්න පුළුවන්. එලෙස cache file මකා දැමීමෙන් file system එක වේගවත් කරගන්න පුළුවන් වෙනවා. 

වඩාත්ම හොඳ දෙය නම් දුරකථනය factory reset කොට ඔබ වැඩිපුරම භාවිතා කරන apps පමණක් ස්ථාපිත කිරීමයි. එහිදී ඔබේ දුරකතනයේ දත්ත මැකී යන නිසා පළමුව ඒවා බැකප් කරගැනීමට මතක තබාගන්න.

හොඳයි එහෙනම් ඔබට අවභෝධ වෙන්න ඇති ඔබේ android දුරකථනය කාලයත් සමග slow වෙන්නේ මොකද කියා. ඒවගේම එම හේතු මගහරිමින් නැවත දුරකථනය වේගවත් කරගන්නේ කෙසේද කියාත් ඔබ මෙහිදී දැනගන්න ඇති.

ස්මාට් phone එකකින් අන්තර්ජාලයේ සැරිසරන විට වැය වෙන දත්ත ප්‍රමාණය අවම කරගන්නා අකාරය.....


ඔබ භාවිතා කරන්නේ සීමා සහිත අන්තර්ජාල සම්බන්ධ තාවයක් නම් ඔබ භාවිතා කරන හැම මෙගාබයිට් එකක්ම ගණනය වීමක් සිදු වෙනවා. ඒවගේම එම දත්ත ප්‍රමාණය ඔබේ දත්ත පැකේජයෙන් අඩු  වීමක්ද සිදු වෙනවා. අද වන විට වැඩි දෙනෙක් භාවිතා කරන Google Chrome, Opera වගේ මොබයිල් බ්‍රව්සර් වල මේ වෙනුවෙන්ම  හඳුන්වා දී තිබෙන විශේෂාංගයක් තිබෙනවා එය හඳුන්වන්නේ (Data Compression) යනුවෙන්. ඒ මගින් ඔබට ඉඩ ලබා දෙනවා අවම මෙගා බයිට් (MB) ප්‍රමානයක් භාවිතා කරමින් අන්තර්ජාලයේ සැරිසැරීමට.

      


 

අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා වැය කරන මුදලෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඔබ කැමතිනම් මෙම පහසුකම සක්‍රීය කරගැනීම මගින් ඔබට හැකියාව තිබෙනවා  ඔබ ප්‍රියකරන වෙබ් අඩවි වලට අවම මෙගා බයිට් ප්‍රමාණයක් භාවිතා කරමින් පිවිසීමට . හැබැයි මෙහිදී එම වෙබ් අඩවියේ සුළු වෙනස්කමක් සිදු වෙනවා නමුත් එය එතරම් ලොකු භාධාවක් විදියට සලකන්නට බැහැ.



මෙය සිදු වෙන්නේ කෙසේද?

ඔබේ දුරකතනයෙන් වෙබ් පිටුවක් ලෝඩ් කරන විට බ්‍රව්සර් එක කෙලින්ම සම්බන්ධ වෙනවා  වෙබ් සර්වර් එක සමග. එම වෙබ් සර්වර් එක මගින් තමයි ඔබට අවශ්‍ය කරන වෙබ් පිටුව ලබා දෙන්නේ. දුරකතය සහ වෙබ් සර්වර් එක අතර ඇතිවෙන මෙම ගනුදෙනුව සිදු කිරීම සඳහා අතරමැදියෙක් ව්දියට ක්‍රියා කරන්නේ අන්තර්ජාල සේවාව සපයන දුරකථන සමාගමයි. එහි දී සිදු වෙන දත්ත හුවමාරුව සඳහා යම්කිසි මුදලක් ඔබෙන් ඔවුන් අයකරගන්නවා. 

දුරකථන භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය  බ්‍රව්සර් දෙක තමයි Google Chrome සහ Opera කියන්නේ. Google Chrome වල මෙම පහසුකම තිබෙන්නේ (Data Compression) යනුවෙන්. ඒවගේම opera වල තිබෙන්නේ (off-road mode) යනුවෙන්. මෙම පහසුකම් සක්‍රීය කරගත් පසුව ඇත්තටම සැළකියයුතු වෙනසක් දැක ගන්නට පුලුවන් වෙනවා. 

මෙහිදී ඔබ වෙබ් පිටුවක් ලෝඩ් කරන විට කෙලින්ම එම වෙබ් අඩවියෙහි සර්වර් එක හා සම්බන්ධ වෙන්නේ නැහැ ඔබ සම්බන්ධ වෙන්නේ google හෝ opera සර්වර් වලටයි. ඉන් පසුව එම අදාල සර්වර් එක විසින්  ඔබට අවශ්‍ය කරන වෙබ් අඩවියේ  පින්තූර සහ අනෙකුත් සියල්ල download කරගෙන එම සියල්ල සුළු මෙගාබයිට් ප්‍රමාණයකට compress කරනු ලබනවා. ඉන් පසුව ඔබේ දුරකතය සඳහා එම වෙබ් අඩවිය ලබා දෙනවා. එම සේවාව සපයන සර්වර් (compressing proxy) ලෙසද හඳුන්වන්න පුළුවන්. අන්න එම හේතුව නිසා ඉතාමත් සුළු මෙගාබයිට් ප්‍රමාණයක් තමයි ඔබට වැය වෙන්නේ. මෙම පහසුකම භාවිතා කරමින් පැහැදිලිවම ඔබට පුළුවන් වැය වෙන දත්ත ප්‍රමාණය අවම කරගන්න. 

මෙලෙස දත්තයන් compress වීම නිසා වෙබ් අඩවියේ තොරතුරු වල ගුණාත්මකභාවය තරමක් අඩුවෙන බව මතක තබා ගන්න. නමුත් එය එතරම් බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඔබට එය අත්දැකීමෙන්ම දැකගන්නට පුළුවන් මෙම පහසුකම සක්‍රීය කරගත් පසුව. 



Chrome වල සහ Opera වල මෙම පහසුමක සක්‍රීය කරගන්නා ආකාරය.


Android, iPhone සහ iPad වල "Data Compression" පහසුකම  සක්‍රීය කරගැනීමට Opera Browser එකෙහි Menu/Settings වලට ගොස් Bandwidth Management යටතේ තිබෙන Advanced කියන ටැබ් එකට පිවිස "Reduce data usage" on කරගන්න. 



මෙම පහසුකම Opera වල තිබෙන්නේ (off-road mode) යනුවෙන්. එය Android වල සහ iOS වල සක්‍රීය කරගැනීමට Opera වල menu එකට ගොස් (off-road mode) on කරගන්න. 


ඔබ කොපමණ දත්ත ප්‍රමාණයක් ඉතුරු කර තිබෙනවාද යන්න දැනගන්න. 

මෙම පහසුකම සක්‍රීය කරගත් පසුව කොපමණ දත්ත ප්‍රමානයක් ඉතුරු කරගැනීමට ඔබට හැකිවී තිබෙනවාද යන්න දැනගන්නටද මෙයින් හැකියාව තිබෙනවා.




Opera බ්‍රව්සර් එකෙන් එය පරික්ෂා කිරීමට හැකියාව තිබෙනවා menu එක ක්ලික් කර සැනින්. 

ඔන්න එහෙනම් Apps Lanka සමග සිටින ඔබ සැමට වටිනා දෙයක් අපි ඉදිරිපත් කරා.  සක්‍රීය කරගන්න  ක්‍රමය පමණක් කියා දෙනවාට වඩා තාක්ෂණිකව එය සිදු වෙන ආකාරයද මෙහිදී ඔබට දැනගන්නට ලැබෙනවා. ඇත්තටම එය තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසයි අනිත් වෙබ් අඩවි වලින් Apps Lanka වෙනස් වෙන්නේ. 

සැලකිය යුතුයි - ඔබ භාවතා කරන වෙබ් බ්‍රව්සර් සංස්කරණය අනුව මෙම පහසුකම හඳුන්වන යෙදුම තරමක් වෙනස් වෙන්නට පුළුවන්. එම නිසා සුපරීක්ෂාකාරීව එය තෝරාගන්න.  

මෙමගින් 50% කින් දත්ත භාවිතය අවම කරගන්නට පුළුවන් වෙන බවට සහතික වෙන්න පුළුවන්. එහෙනම් මෙම ක්‍රමය භාවිතා කර වෙනස ඔබම වටහාගන්න. comment එකකුත් දාලම යන්න. 

Translate

Kategori

Kategori