Business

Mobitel සිම් එකෙන් 1.5GB ඩේටා නොමිලේ ලබා ගමු.





ලංකාවේ සන්නිවේදන ජාල අතර ප්‍රමුඛ පෙලේ සිටින මොබිටෙල් සමාගම විසින් තම පාරිබෝගිකයන් හට අන්තර් ජාලයේ සැරිසැරීමට 1.5GB ක ඩේටා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් Facebook සමාජ ජාල වෙබ් අඩවිය මගින් සූදානම් කර තිබෙනවා. අපි කවුරුත් Facebook ඉන්න නිස ඔන්න වැඩේ ලේසියි. 

කරන්න තියෙන්නේ මොබිටෙල් Facebook app එකට මෙතනින් පිවිස Referral ලින්ක් එක ඔබේ Facebook යහලුවන් 10 දෙනෙකු වෙත ලබාදී එයට එකතු කර ගැනීමයි.

එහිදී අප ලබාදෙන මොබිටෙල් අංකයට 1.5GB දත්ත ලබා දෙයි. අපගේ Referral ලින්ක් එක මගින් ඇප් එකට එකතු වූ අයටද, යහලුවන් 10 දෙනෙකු බැගින් එකතුකර ගැනීමෙන් ඒ අයටද ඩේට ලබාගැනීමට පුලුවන්.
එහෙනම් පල්ලයහින් Comment එකකුත් කොටාගෙනම යන්නකෝ.

තනියම Computer එකට windows ගහගමු.


කොහොමද යාලුවනේ  මම අද කියන්නේ මගේ යාලුවෝ ගොඩ දෙනෙක් මගෙන් අහපු දෙයක්. වින්ඩෝස් ගහනවා කිව්වහම ගොඩක් අය හිතන්නේ හෙන අමාරු වැඩක්,අපිට ඕවා කරන්න බෑ කියල. එත් ඒ ගැන පොඩ්ඩක් හරි දන්න කෙනෙක්නම් ඒක ගණන් ගන්නෙවත් නෑ. එහෙනම් පහල තියෙන එකේ විදිහට වැඩේ පටන් ගන්නකො.

 ඔය ගොල්ලොන්ට කරන්න තියෙන්නෙ Windows 8.1/10/8  DVD වලින් ඔයාට ඕන DVD ඕන Windows එකට අදාල DVD එක ROM එක ඇතුලට දාන්නකෝ. දැන් Computer එක Restart කරන්නකෝ.

දැන් මෙහෙම එකක් එවි
Press any Key Boot From DVD.
ඒක ආව ගමන් ඔයාලගෙ Key Bord එකේ ඕන Button එකක් ඔබනකෝ. එතකොට පහළ තියෙන image එක වගේ එකක් ඒවි.

දැන් ටිකක් ඉන්නකෝ.ඒක ඉවරවුනහම මෙහෙම එකක් එවි.

දැන් ඉතින් තියෙන්නේ install කරන්න.ඕක ඇවිත් ටික වෙලාවකින් පස්සේ 
මේක එවි

දැන් English දීල Next දෙන්න 

install Now දෙන්න 

ඔය ටිප් එකක් දෙන්න තියෙන තැනට tip එකක් දාන්න 
දැන් ඔය 2වෙනි එක දෙන්න 


හාඩ් එක පාටිෂන් කරගන්න එහෙම ඕනෙනම් ඔතනින් කරගන්න 
ඔතනින් ඔයා වින්ඩෝස් install කරලා තියෙන Hard පාටිෂන් එක formate කරල Next දෙන්න. 
කරන්න තියෙන්නේ ඔච්චරයි. ඕක Install කරල ඉවර උනැන් පස්සෙ    වින්ඩෝස් ගහල ඉවරයි.
හැබැයි ඔයගොල්ලොන්ට පොඩි වැඩක් කියන්න තියෙනව ඔයගොල්ලො හරියට දන්නෙ නැත්ත්න් Windows Xp නම් ගහන්න යන්න එප ඒක මීටවඩා ගොඩස් වෙනස් ගහන විදිහ.Windows 7 වන් නම් පොඩ්ඩක් මේ විදිහට තමයි ගහන්න තියෙන්නෙ. 

හැම වෙබ්අඩවියක්ම සිංහලෙන් බලමු


ඔන්න මම අද කියන්න යන්නෙ ඕනම භාෂාවකින් තියෙන web site එකක්  සිංහලෙන් බලන්නෙ කොහොමද කියල.
මුලින්ම පහළ තියෙන link එකෙන් ගිහින්  google translate  extension එක install කර ගන්න.
Google chrome,Torch -Google Translate  Extension
දැන් ඔයාට translate කරගන්න ඕන site එකට ගිහිල්ල browser එකට එකතු වුනු  google translate  icon  එක click කරන්න.
ඊට පස්සෙ translate this page click කරන්න.එතකොට web site එක english වලට  translate වෙයි.එතකොට එන bar එකේ translate to කියන එක click කරන්න.


ඊට පස්සෙ එතනින් සිංහල තෝරන්න.දැන් site එක සිංහලට translate වෙයි.
හැබැයි ඉතින් මේකෙන් හරිම විදිහට translate වෙන් නෑ.එහෙම උනොත් english වලට translate කරගෙන බලන්න.
ඉන්ස්ටර්ග්‍රෑම්

ඉන්ස්ටර්ග්‍රෑම්

ලොව ප්‍රකට සමාජ ජාල ඇප්ලිකේෂනයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය ලෝකයේ ඕනෑම කාලයක වේගයෙන්ම වර්ධනය වූ සමාජ ජාලය ලෙස පසුගිය දා නව වාර්තාවකට හිමිකම් කීවේය. ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කිරීමේ සමාජ ජාල ඇප්ලිකේෂනයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් මෙම වාර්තාවට හිමිකම් කීවේ ලොව පුරා මිලියන 400ක පරිශීලකයන් ප්‍රමාණයක් වාර්තා කර ගනිමිනි.
කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්‍රිගර් විසින් 2010 ඔක්තෝබර් මස 06 වැනි දා ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් ලෙස ලොවට හඳුන්වා දුන් ඉන්ස්ටර්ග්‍රෑම් යනු නිදහස් 
මෘදුකාංගයකි. Instant සහ Telegram යන වචනවල සුසංගයෝගයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් යන නාමය නිර්මාණය කළ බව එහි නිර්මාතෘවරු පවසති. ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය 2012 වසරේ දී ෆේස්බුක් විසින් මිල දී ගැනුණි.
සමාජ ජාල (Social Networks) සම්බන්ධයෙන් ගෙවුණු දශකයක පමණ කාලය තුළ විශාල උනන්දුවක් දක්නට ඇති නමුත් ඒ පිළිබඳ ඉතිහාසය ශතවර්ෂයකටත් එහා දිව යයි. ලෝකයේ මෙවැනි සංකල්පයක් පිළිබඳ ප්‍රථමයෙන් අදහස් දක්වා ඇත්තේ එමිලි ඩර්ක්හෙම් සහ ෆර්ඩිනෑන්ඩ් ටෝනිස් දෙදෙනාය. ඒ සමාජ කණ්ඩායම් පිළිබඳ තමන්ගේ න්‍යායන් සහ ගවේෂණ තුළින් 1890 දීය. සමාජයේ වෙසෙන තනි පුද්ගලයන් හෝ කණ්ඩායම් අතර සබඳතා ඇති කරන සමාජ ව්‍යුහයක් ලෙස සමාජ ජාල හැඳීන්විය හැකිය.
කෙසේ වෙතත් පරිගණකයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමඟ සමාජ ජාල ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබීය. ඉතා කෙටි කලකින් ලෝකය ආක්‍රමණය කළ ස්මාර්ට් දුරකථන ඒ සඳහා සුවිසල් මෙහෙවරක් කළ බව නොකිව මනාය. ඒ තරමට ස්මාර්ට් දුරකථන සහ සමාජ ජාල වෙබ් අඩවි අතර අන්‍යෝන්‍ය සබඳතාවක් පවතී. බස් රථයේ, දුම්රියේ, බස් නැවතුමේ, පාසලේ මෙන්ම මහමඟ පවා සිය ජංගම දුරකථන තුළින් සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරන තරුණ තරුණියන් අද අප රටට පවා අමුත්තක් නොවේ.
ලෝකයේ ජනප්‍රියතම සහ වැඩිම සාමාජිකයන් පිරිසක් පරිශීලනය කරන සමාජ ජාල වෙබ් අඩවිය ලෙස අද විවාදයකින් තොරව පිළිගැනෙන්නේ ෆේස්බුක් හෙවත් මුහුණු පොතයි. මාර්ක් සකර්බර්ග් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දී ඔහුගේ විශ්ව විද්‍යාල සගයන් අතර 2004 වසරේ දී ආරම්භ කළ ෆේස්බුක් අඩවිය මේ වන විට බිලියන එකහමාරක් ඉක්ම වූ සාමාජිකත්වයකින් සමන්විත වන අතර එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවා ඇත.
ප්‍රථමයෙන් ඇපල් දුරකථන සඳහා හඳුන්වා දුන් ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය සුප්‍රකට ඇපල් සමාගමේ අයි ෆෝන්, අයි පොඩ් සහ අයි පෑඩ් සමඟ භාවිතා කළ හැකි අතර පසුකාලීනව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථනවල මෙන්ම නොකියා සහ බ්ලැක්බෙරි දුරකථනවලත් භාවිතා කළ හැකි අයුරින් වැඩිිදියුණු කරන ලදී. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය හඳුන්වා දෙන ලද්දේ 2012 වසරේ දීය.
2010 දෙසැම්බර් වන විට මිලියනයක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කී ඉන්ස්ටර්ග්‍රෑම් 2011 දී එම ප්‍රමාණය මිලියන 5 ඉක්ම වූ බව නිවේදනය කළේය. එම වසරේම සැප්තැම්බර් වන විට පරිශීලකයන් ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගියේය. 2011 වන විට ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හුවමාරු වී තිබුණු ඡායාරූප සංඛ්‍යාව මිලියන 100ක් විය. වර්තමානය වන විට ඉන්ස්ටර්ග්‍රෑම් හරහා දිනකට ඡායාරූප මිලියන 80ක් පමණ හුවමාරු වෙතැයි ගණන් බලා ඇත. ආරම්භයේ සිට මේ වන තෙක් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හුවමාරු වී ඇති ඡායාරූප ප්‍රමාණය බිලියන 4කි.
ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය ආරම්භ කර වසර දෙකහමාරකට පසුව මිලියන 150ක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කීවේය. 2012 වසරේ දී ෆේස්බුක් හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ඩොලර් බිලියනයකට ඉන්ස්ටර්ග්‍රෑම් මිල දී ගත්තේය. ෆේස්බුක් හිමිකාරිත්වය යටතේ ඉන්ස්ටර්ග්‍රෑම් කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබුවේය. 2013 වසරේ දී ඉන්ස්ටර්ග්‍රෑම් 23%ක දියුණුවක් අත්පත් කර ගත්තේ එහි හිමිකාරීත්වය දරන ෆෙස්බුක් 3%ක වර්ධනයක් හිමි කර ගන්නා විට වීම සුවිශේෂී කරුණකි. 2014 වසර අවසාන වන විට ඉන්ස්ටර්ග්‍රෑම් මිලියන 300ක පරිශීලකයන් ප්‍රමාණයකට හිමිකම් කීවේය.
ආරම්භයේ දී ඡායාරූප හුවමාරුව සඳහා සීමා වී තිබුණු ඉන්ස්ටර්ග්‍රෑම් වෙතින් වීඩියෝ හුවමාරු කිරීමේ පහසුකම පරිශීලකයන්ට ලැබුණේ 2013 ජූනි මස 23 වැනි දිනය. මේ තුළින් ඔස්සේ තත්පර 15කට සීමා වූ වීඩියෝ හුවමාරු කර ගැනීමට ඉඩ සැලසේ. ෆේස්බුක් හිමිකාරීත්වය යටතේ ඉතා තරගකාරී අයුරින් වර්ධනය වූ ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය විවිධ සංස්කරණ හඳුන්වාදෙමින් නව විශේෂාංග එක්කර ගනිමින් දිනෙන් දින ඉදිරියට පැමිණියේය. එම දියුණුවේ ප්‍රතිඵලය වශයෙන් 2015 සැප්තැම්බර් මස 22 වැනි දින ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය පරිශීලකයන් මිලියන 400 කඩඉම පසු කර ගියේය.
කෙවින් සිස්ට්‍රෝම්
ලොව පුරා උන්මාදයක් මෙන් පැතිරී යන සෙල්ෆි රැල්ලට ද ඉන්ස්ටර්ග්‍රෑම් වෙතින් ලැබුණේ මහත් අනුබලයකි. ජංගම දුරකථනයෙන් ගන්නා ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් හරහා එසැණින් හුවමාරු කර ගැනීමේ හැකියාව නිසා සෙල්ෆි ලෝලීන්ගේ ජනප්‍රියතම ඇප්ලිකේෂනයක් බවට ඉන්ස්ටර්ග්‍රෑම් පත් ව තිබේ. ජනප්‍රිය බටහිර ගායකයකු වන ජස්ටින් බීබර් ගායිකා සෙලීනා ගෝමස් සමඟ ගත් සෙල්ෆියකට ලක්ෂ 18ක ලයික් ප්‍රමාණයක් ලැබී තිබීම එයට හොඳ සාධකයකි.
ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පිවිසෙන පරිශීලකයන්ගෙන් 50%ක් ඇපල් දුරකථන භාවිතා කරන අතර ඉදිරි 50% ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන බව හෙළිදරව් වී ඇත. එසේම ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයන්ගෙන් 62% කාන්තාවන් වන අතර ඉතිරි 32% පිරිමි පාර්ශවයේ වේ. ලෝකයේ බොහෝ සුපිරි තරු ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය පරිශීලනය කරන බව හෙළිව තිබේ. එසේම ඉන්ස්ටර්ග්‍රෑම් භාවිතා කරන අයගෙන් බහුතරය යොවුන් වියේ පසුවන්නන් බවත් අනාවරණය වී ඇත.
ඉන්ස්ටර්ග්‍රෑම් ඇප්ලිකේෂනය භාවිතා කළ හැක්කේ වයස අවුරුදු 13 ට වැඩි අයට පමණක් වන අතර ප්‍රචණ්ඩකාරී, නිරුවත් හෝ අඩ නිරුවත්, වෛරී සහගත, අශ්ලීල ඡායාරූප හෝ වීඩියෝ හුවමාරුවට එහි ඉඩක් නැති බව 2013 වසරේ දී නිවේදනය කරන ලදී. නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ඉන්ස්ටර්ග්‍රෑම් භාවිතා කරන බවට බී. බී. සී.ය වරක් කළ හෙළිදරව්වකින් පසුව ඉන්ස්ටර්ග්‍රෑම් හි නියමයන් වහාම වෙනස් කරන ලදී. එක්සත් ජනපදයේ බොහෝ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ඉන්ස්ටර්ග්‍රෑමයේ පළ කරන ඡායාරූප මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගන්නා බවට එමඟින් චෝදනා කෙරිණි.
ලොව පුරා මිලියන 400ක ගේ ජනාදරය මෙන්ම සම්මාන රැසක් දිනා ගැනීමටත් ඉන්ස්ටර්ග්‍රෑම් සමත්ව තිබීමත් සුවිශේෂී කරුණකි. 2011 වසරේ දී ලොව හොඳම ජංගම දුරකථන ඇප්ලිකේෂනය ලෙස ඉන්ස්ටර්ග්‍රෑම් සම්මාන ලැබීය. ව්‍යාපාර ලෝකයේ හොඳම නිර්මාණශීලි පුද්ගලයන් 100 දෙනා අතරින් 66 වැනි ස්ථානයට ඉන්ස්ටර්ග්‍රෑම් හි ප්‍රධාන විධායක කෙවින් සිස්ට්‍රෝම් එම වසරේ තේරී පත් විය. 2011 වසරේ දී වසරේ ඇප්ලිකේෂනය ලෙස ඇපල් සමාගමේ ගෞරවයට පාත්‍ර වූයේ දී ඉන්ස්ටර්ග්‍රෑමයයි. එසේම 2013 වසරේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් 50 අතරට ඉන්ස්ටර්ග්‍රෑමයත් එක් කරන්නට ලෝක ප්‍රකට ටයිම් සඟරාව කටයුතු කළේය.

දින 60 බලන් ඉන්නේ නැතුව fb Name එක මාරු කරමු.



Facebook එකේ Name එක මාරු කරන්න පුලුවන් දින 60 කට එක පාරක් විතරයි. ඔයා මොකකට හරි Facebook එකේ ඔබේ ගිණුමේ නම මාරු කලානම් නැවත ඒ නම වෙනස් කරන්න දින 60 ඉන්න වෙනවා. හැබැයි මම මේ කියලා දෙන Tips එකෙන් ඔබට පුලුවන්. ඔබේ Facebook ගිණුමේ කලින් තිබුන පරණ නම දාගන්න. කරන්න තියන්නේ හරිම ලේසි වැඩක්. Facebook Account එක හැක් වෙච Account එකක් ගානට දාලා Name එක වෙනස් කරගන්න අපිට පුලුවන්.

යන්න මේ Link එකට ඉසෙල්ලා. https://www.facebook.com/hacked

ඔය Link එකට ගිහිල්ලා Next කරන්න. ඉසෙල්ලාම එයි Password වෙනස් කරගන්න. ඒක කරගන්න.

ඊළගට එනවා Name එක තෝරන්න තැනක් එතනින් තෝරන්න. ඔබේ Account එකේ කලින් තිබුන පරණ නම එක තෝරලා Next කරන්න.

ඊට පස්සේ එයි Username එක මාරු කරගන්න තැනක් එකත් ඒ විදියට මාරු කරගන්න ඕනම් කරගන්න. තේරුණා නේ දැන් වැඩේ හරි.

මේ තියන්නේ ඔය වැඩේ කරගන්න හැටි Video එකක්

හයිබ්‍රිඩ් ගූගල් Chrome එකේ නවතම සන්ස්කරණය...

හයිබ්‍රිඩ් තාක්ෂණය ගැන අද බොහෝ දෙනෙක් දැනුවත් වී ඇත. ඔබ දකින්නේ Hybrid වාහන හා ආහාර පමණක්ම නොවේ. හයිබ්‍රිඩ් තාක්ෂණය මෘදුකාංගවලට පවා ඇවිත් තියෙනවා. අපි මීට පෙර ලිපියකුනුත් අරගෙන ආවා හයිබ්‍රිඩ් ගිනි නරියාව. එම ලිපිය සඳහා බොහෝ ප්‍රතිචාර ලැබුණු නිසාවෙන් හයිබ්‍රිඩ් ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය දෙන්න පරිගණක පිටුව කණ්ඩායම කටයුතු කරා. මෙම වෙබ් බ්‍රව්සරය කොටස් 4කින් යුක්ත වන අතර ඔබට එය වෙන් වෙන් වශයෙන් භාවිතා කළ හැකි වේ. එහෙනම් ඉතින් වැඩි කථා ඕනේ නෑ. Download කර ගන්න.


                                

Chrome Hybrid
https://userscloud.com/7udg8269hz2g
Crack
https://userscloud.com/7udg8269hz2g

 

මූන මවුස් එකක් කරමු....

මූන මවුස් එකක් කරමු


දැන් බලනවා ඇති මොකද්ද මේ අපප්බ්‍රන්සෙ කියලා ...ඒත් පෝස්ට් එක කියවගෙන යනකොට සීන් එක තේරෙයි
හරි එහෙනම් ගේමට එමු

මේක පට්ට සොෆ්ට් එකක් මොකද මේකෙන් පුලුවන් ඔයාලට කම්පියුටර් මවුස් එක මූන හරවලා එහෙ මෙහෙ ගෙනියන්න.... මාරයි නෙහ් 
ඒක කරන්න අපිට වෙබ් කැම් එකක් ඇපැයි අන්න එහෙම එකක් තියෙනවනම් තමා මේක කරන්න පුලුවන් නැතුව කරන්න බෑලු ඔන්න 

මම ඔන්න යටින් දෙන සොෆ්ට් කෑල්ල බාගෙන ඔපන් කරගන්න මුලින්ම 
http://adf.ly/1HYZsn

ඊටපස්සෙ ඇති ඩෙස්ක් ටොප් එකට ඇවිත් Camara Mouse කියලා Icon එකක් අන්න ඒක ඔපන් කරගන්න 
එතකොට ඒ ඇප් එකෙන් කැමරාව හරහා ඔයාගේ මූන හදුනාගැනීමකට ලක් කරයි :D
ඔන්න ඊටපස්සෙ ඔයාට පුලුවන් මවුස් එක මූන කරන්න :D නැ නැ මවුස් එක මූනෙන් හසුරවන්න :D
මේක ගොඩක් වැදගත් වෙන්නෙ ආබාදිත අයට .... ඒක නිසා මේ ඇප් එක නොමිලේමයි මේ සමාගම දෙන්නෙ
අපි වගේ කම්මැලි උන්දැලටත් මරු අයිටම් එකක් ඔන්න මේ


කොමෙන්ටුවක් කොටලා අපිව දිරිමත් කරන්න අමතක කරන්න එපා
දිරිමත් නොකෙරුවත් සප් එකක් දීපන් මචන්ලා

Translate

Kategori

Kategori